HOME | SEARCH | LOG IN | SIGN UP
ආයතනයේ හැදින්වීම උපදේශන අධ්යාපන කටයුතු අධ්යාපන කටයුතු ප්රතිකා මාධ්ය කර්මාන්ත ශාලාව
නිවේදනය
ප්රවෘත්ති විස්තර
අනිවාර්ය අභ්යාස
පිංතුර විස්තර
පත්තර විස්තර
සංවිධාන විස්තර
- සෝල් ප්රදේශය
- ක්යොන්ග් ප්රදේශය
- ඉන්චෝන් ප්රදේශය
- ක්වාන්ග්ජු ප්රදේශය
- තේගු ප්රදේශය
- බුසාන් ප්රදේශය
- කන්ග්වොන් ප්රදේශය
- GyeongSangNam-Do
- GyeongSangBuk-Do
- JeolLaBuk-do
- JeolLaNam-do
- ChungCheongNam-Do
- ChungCheongBuk-Do
- JeJu-Do
සංකල්පනා තීරය
 Home > කර්මාන්ත ශාලාව > නිවේදනය > සුකර උනෙන් ප්‍රවේශම් වන්න

    අඩියක් පමණ උස අකුරින් ලියැවුණු දැන්වීම් සහ නිවේදන, තාප්ප බිත්තිවල සාමකාමී සහජීවනයෙන් වැජඹෙයි.
    Admin     2007/04/26 5:38 pm

දෙමළ ලේඛිකා සුජාතා
සිංහල අනුවාදය - බොබී ජී. බොතේජු
අඩියක් පමණ උස අකුරින් ලියැවුණු දැන්වීම් සහ නිවේදන, තාප්ප බිත්තිවල සාමකාමී සහජීවනයෙන් වැජඹෙයි.


විප්ලවයේ ගිනිදලුවලින් ප්‍රවේසම් වෙන්න!
'හජ්ජි මුසාජිගේ රෙදිපිළි මාළිගාව - රෙදිපිළි සාගරයක්'
නිසාම් දුම්කොළ
සියලුම ද්‍රෝහීන්ට දඬුවම්!
මදුරෙයි නගරයේ සාමාන්‍ය දවසක්. නගර සභාවේ පයිප්පය ඉදිරියේ කළගෙඩි සහ භාජන, මිනිසුන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට පේළි ගැසී සිටිති. පිට ගැස්ම ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා ම කුඩා පිරිමි ළමෝ කසළ ගොඩවල් මත ක්‍රීඩා කරති. පාඩියන් ප්‍රවාහන සංස්ථාවේ බස් රථ පසුපසින් දේශප්‍රේමි පණිවිඩ, ඩීසල් දුම සමඟ මිශ්‍ර කරමින් නිකුත් වෙයි. ඇඟට හිරවුණ කලිසම් ඇඳ සිටින පොලිස් භටයෝ එහා මෙහා දිවෙන වාහන සහ කඩිමුඩියේ ඔබ මොබ යන මගීන් හසුරුවති. පාරේ වම් පැත්තට වන්නට භාණ්ඩ මිල ඉහළ යාමට එරෙහි ව රජයට බැණ වදිමින් සටන් පාඨ කියමින් යන කුඩා කණ්ඩායමකි.

අපේ කතාව අද නගරයට පැමිණි කාන්තාවක ගැනයි. මදුරෙයි නගරයේ විශාලත ම රෝහලේ බාහිර රෝගී අංශය වෙත වල්ලි අම්මා තම දියණිය වන පාපාති ද කැටුව පැමිණ බලා සිටින්නී ය. ඊයේ පාපාතිට උණ රෝගය වැලඳිණි. ඇය ගමේ ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගෙන එනු ලැබුවා ය. වහාම ඇය නගරයේ මහ රෝහල වෙත ගෙන යන ලෙස වෛද්‍යවරයා උපදෙස් දුන්නේ ඔවුන් බිය ගන්වමිනි. ඔවුහු උදෑසනින් ම බසයට නැඟුණ හ.

view list 

Jump to:  


KMcenter 137-1 Garibong 1 Dong, Guro-Gu, Seoul.
Copyright by 2004 MigrantWorkers Center in Korea. All right, reserved. Representative : Son Jong Ha
Supported by ONTOIN