HOME | SEARCH | LOG IN | SIGN UP
ආයතනයේ හැදින්වීම උපදේශන අධ්යාපන කටයුතු අධ්යාපන කටයුතු ප්රතිකා මාධ්ය කර්මාන්ත ශාලාව
එම් එන් ටී වී
එම් ඩබ් ඕ කේ
කේ ලයිප්
මයිග්රාන්ට් ඕ කේ
ඉලෙක්ට්රෝනික් සගරාව
- 2007අවුරුද්ද
 Home > මාධ්ය > එම් එන් ටී වී
    එම් එන් ටී වී
    නීත්‍යානුකූල භාෂා පරිවර්ථක පුහුණුව ඇරඹේ
නීත්‍යානුකූල භාෂා පරිවර්ථක පුහුණුව ඇරඹේ
 
වෘත්තීය භාෂා පරිවර්ථක පුහුණුව ප්‍රථම පන්තිය බීකේඑල් නීති පාඨශාලාව තුළදී පසු ගිය අගෝස්තු 31 දා ඇරඹිනි. මේ පුහුණුව හරහා සංක්‍රමිකයන්ගේ මානව හිමිකම් සුරැකීම සඳහා විධිමත් භාෂා පරිවර්ථක පද්ධතියක් පිහිටුවා ගැනීම මෙහි අරමුණයි.   
2013 නගර සභාව විසින් මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් මෙම පුහුණුව සංවිධානය කර ඇත. බීකේඑල් නීතී සමාගම හා දොංචොන් පොදු අභිමත පදනමේද ක්‍රියාකාරී දායකත්වය මීට පදනම් වී ඇත.
 
SYN) Director Kim Hae-Sung/Lawyer Yang Dong-su
 
පසුගිය 27 වෙනි දා පුහුණුවන්නන් 40 දෙනෙකු හැදින්වීමේ වැඩ සටහනට සහභාගී වූ අතර මෙහිදී විෂය නිර්දේශය හා පාඨමාලාව පිළිබඳ මූලික හැඳින්වීම සිදු කරන ලදී.
 
මූලික පන්තියේදී භාෂා පරිවර්ථනයේ සදාචාරාත්මක කරුණු පිළිබඳ දැනුවත් කරයි. ඉන් පසු වෘත්තීමය කරුණු පිළිබඳ අවධානය යොමු කෙරේ. තවද නීතිය පිළිබඳ දැනුම හා උසාවියේ ක්‍රියා පටිපාටිය වැනි දෑ සම්බන්ධයෙන් දැනුවත් කෙරේ.
 
සෑම සෙනසුරාදාවකම පැය 4ක් බැගින් සති 6ක් පුරා පන්ති 12ක් ඇත. පුහුණුව සම්පූර්ණ කරන්නන් සඳහා සහතික පත්‍රයක් හිමි වනු ඇත.
 
මෙවර පුහුණුවන්නන් අතර ඉතා තරඟකාරීත්වයක් තිබූ අතර මෙම වැඩසටහන කොරියාවේ සංක්‍රමිකයන් හට ඵලදායී එකක් වේවා යන්න අපේ පැතුමයි.
    තවමත් නොවිසඳුනු නොගෙවු වැටුප්
තවමත් නොවිසඳුනු නොගෙවු වැටුප්
 
මේ වසරේදී විදෙස් ශ්‍රමිකයන් සඳහා නොගෙවූ වැටුප් වොන් බිලියන 200 කට වැඩි බව වාර්තා වී ඇත. මේවායින් අඩකටත් වැඩි ප්‍රමාණයක් මේ වන තුරුත් නොගෙවූ ලෙසම පවතී.
 
ලෙ වෑන් නාම් නම් වියට්නාම් පුද්ගලයා හට තම කලින් සේවා ස්ථානයෙන් ලබා ගැනීමට නොහැකි වු මුදල වොන් මිලියන 2.2 ක් වේ. මේ තුළ තම මාසික වැටුපත් අර්ථ සාධක අරමුදලත් පවතී.
එසේම මේ පිළිබඳව කරන ලද පැමිණිල්ල ක්යොන්ගි දෝ පළාතේ රැකියා හා කම්කරු උසාවිය වෙත ඉදිරිපත් කර මේ වන විට මාස 3ක් වුවත් මේවන තුරු මුදල් ලැබී නොමැත. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ සමාගම් හිමිකරු සේවා ස්ථානයේ නොසිටීමයි.
 
මේ කරුණ සළකා බැලීමේදී තමා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළද ආයතන හිමිකරු පෙනී නොසිටීමේදී නොගෙවූ වැටුප් ලබා ගැනීම ප්‍රමාධ වන බව පෙනේ. කම්කරු උසාවි සුපරීක්ෂක හට ආයතන හිමිකරු අත් අඩංගුවට රැගෙන මේ සඳහා කඩිනම් විසඳුමක් ගැනීමට බලය තිබුණද කොරියානු බස පිළිබඳ නිසි දැනුමක් නොමැති විදෙස් ශ්‍රමිකයෙකු හමුවේ මෙම කරුණු පැහැදිලි කිරීමේ හෝ වෙනත් අපහසුතා නිසා මේ සිද්ධිය ප්‍රමාධ වී ඇත.
INT)Le Van Nam / Vietnamese Worker
තාමත් මේ ප්‍රශනේ විසඳිලා නැති නිසා මං ගොඩක් කණස්සල්ලෙන් වගේම කළකිරීමකිනුයි ඉන්නේ. මං ක්යොන්ගිදෝ වල වෘත්තීය මධ්‍යස්ථානයට මේ ගැන දෙපාරක්ම පැමිණිළි කළා. මට හිතෙන්නේ එයාලා මේ ගැන සළකන්නේ නැහැ කියලා. සුපරීක්ෂකවරයාගේ හැසිරීම ඉතා අප්‍රසන්න සහගතයි. හරියට එයාට විදේශිකයන්ට සළකන්න ඕනි නැහැ වගේ හැඟීමක් තමයි තියෙන්නේ
 
. ඒ නිසා විදේශිකයන් සිවිල් ප්‍රශ්න සම්බන්ධයෙන් මුහුණ දීමට යාමේදී භාෂා පරිවර්ථක සහාය ලබා ගැනීම වඩා ඵලදායී වේ. නමුත් භාෂා සහාය ලබා ගැනීමද පහසු කටයුත්තක් නොවේ.
 
තවද කොරියානු විදෙස් ශ්‍රමික උපකාරක මධ්‍යස්ථානයේද වාර්ථා වලට අනුව වැඩියෙන්ම වාර්ථා වී ඇත්තේ වැටුප් නොගෙවීම් සම්බන්ධ පැමිණිළි වේ. අපගේ අදහස නමි මීට වඩා තමා හට සේවය කළ විදෙස් ශ්‍රමිකයන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ආයතන හිමිකරුවන් තම අවධානය යොමු කළ යුතුය යන්නයි.
    කාර්මික අනතුරු වලට ලක් වූවන් හට නව මුදල් හුවමාරු සේවාවක්
කාර්මික අනතුරු වලට ලක් වූවන් හට නව මුදල් හුවමාරු සේවාවක්
 
කොරියානු ශ්‍රමික වන්දි හා සුභ සාධන සේවාව විසින් වූරි බැංකුව සමඟ ඒකාබද්ධව 'Ever Dream Service' නමින් කාර්මික අනතුරු වලට ලක් වූවන් වෙනුවෙන් විශේෂිත වූ ස්වයංක්‍රීය මුදල් හුවමාරු ක්‍රමයක් හඳුන්වා දී ඇත. 
කාර්මික අනතුරු වලට ලක් වූවන් හට 'Ever Dream Service' හරහා විදේශයන් වෙත අන්තර්ජාලය හෝ ටෙලි බැංකු සේවා හරහා පහසුවෙන් මුදල් යැවිය හැකි අතර බැංකුව වෙත යාමක් අවශ්‍ය නොවේ. 
 
. 'Ever Dream Service' භාවිතා කිරීමේදී මුදල් හුවමාරු ගාස්තු හෝ ටෙලිග්‍රෑම් ගාස්තු අය නොකෙරේ. මෙහිදී අනතුරු වන්දි රක්ෂණය කෙළින්ම මෙම ගිණුමෙහි තැන්පත් කරන හෙයින් බැංකු ගිණුම් වල පිටපත් වරින් වර ලබා දීම අවශ්‍ය නොවේ. තවද පූර්ණ වන්දි අරමුදල නොඅඩුව ලබා ගැනීමේ හැකියාවද ලැබේ.   
 
තවද අනතුරු වන්දි ලැබීම පමණක් මේ ගිණුම ආරම්භ කිරීම සදහා සුදුසුකමක් වන අතර විදෙස් මුදල් හුවමාරු සම්බන්ධයෙන් ඇති වෙනත් නීති රෙගුලාසි වලට සම්බන්ධ ලියකියවිලි ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.
 
මෙම සේවාව, කොරියානු ශ්‍රමික වන්දි හා සුභ සාධන සේවාව විසින් කාර්මික අනතුරු වලට ලක් වූවන්ගේ අනතුරු වන්දි පූර්ණ වශයෙන් ලබා ගැනීමේ අයිතිය සුරකින, හා ඔවුන් සඳහා කරන ලද යහ සමාජ සේවාවක් ලෙසින් හඳුනා ගෙන ඇත.  
 
INT) Moon Byung-Hyo / Korea Workers' Compensation & Welfare Service
සෑම අවුරුද්දකම අනතුරු වලට ලක්වන විදෙස් ශ්‍රමිකයන් ගණනින් 8000ක් පමණ වෙනවා. මේ සේවාව හරහා ඔවුන්ට අපහසුවකින් තොරව මුදල් තමන්ගේ රටට යැවීමටත් මූල්‍යමය අතින් වාසිදායක තත්වයක් ලබා ගන්නත් පුළුවන්.
 
මේ සේවාව ලබා ගැනීමට කැමති අනතුරු වන්දි ලාභීන් හට තම විදෙස් ගමන් බලපත්‍රය, විදෙස් හැඳුනුම්පත හා මුලත් ලබන්නාගේ ගිණුම් අංකයත් බැංකුවේ නමත් රැගෙන ළඟම ඇති වුරි බැංකුවට ගොස් අයදුම් කළ හැක
 
(자막)
වුරි බැංකු පාරිභෝගික සේවාව 1599-2288
භාෂා: ඉංග්‍රීසි, චීන, වියට්නාම්, මොංගෝල්, තායි, ඉන්දුනීසියා
කොරියානු ශ්‍රමික වන්දි හා සුභ සාධන සේවාව විසින් හඳුන්වා දී ඇති මෙම සේවාව හරහා විදේශිකයන් වාසි ලබා ගනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි.
    විදෙස් ශ්‍රමිකයන් සඳහා වර්ෂාවසාන බදු පියවීම්
විදෙස් ශ්‍රමිකයන් සඳහා වර්ෂාවසාන බදු පියවීම්
 
වර්ෂය අවසන් වීමත් සමඟම වසරේ බදු පියවීම් අරඹා ඇත. සාමාන්‍ය පුරවැසියන් හට මෙන්ම මෙය විදෙස් ශ්‍රමිකයන් සඳහාද බල පැවැත්වෙන අතර එය කෙසේ සිදු කරන්නේද යන්න විමසා බලමු.
 
ඔබ විසින් අවසන් වර්ෂ‍යේ ජනවාරි මස සිට දෙසැම්බර් මස දක්වා ගෙවා ඇති මුළු බදු ප්‍රමාණය වර්ෂාවසානයේදී ගණනය කෙරෙනු ලබන අතර වැඩිපුර ගෙවා ඇත් නම් අයදුම් කිරීමෙන් පසුව ලබා ගත හැකි වන අතරම එය බදු ණයක් ලෙස ඔබේ ආදායමෙන් අඩු කර ඇත.
 
සාමාන්‍යයෙන් විදෙස් ශ්‍රමිකයන් හට ආදායමට අනුව ගෙවන බදු මුදල නියමිත ලෙස ගණනය නොකෙරෙන නිසා වැඩි මුදල් ප්‍රමාණයක් ඔවුනගේ වැටුපෙන් බදු සඳහා වෙන් කෙරේ.
 
ඔබ විසින් බදු ගෙවිය යුතු අංශයන් අඩු වන නිසාම ඔබ හට ලබා ගත හැකි වන මුදල් ප්‍රමාණයද වැඩිය.
මෙම හිඟ මුදල ලබා ගැනීම සඳහා ජනවාරි මස 15 වැනි දා සිට ජනවාරි 25 වැනි දා දක්වා කාලය ඇතුළත හෝ ජනවාරි 25 සිට පෙබරවාරි 10 වන දින ඇතුළත, ගිය වසරේ ඔබ විසින් ගෙවන ලද බදු මුදල් සහිත ලියකියවිලි රැකියා ආයතනයන් වෙත ලබා දීම සිදු කළ යුතුයි. පෙබරවාරි මස අවසානය වන විට වර්ෂාවසාන බදු පියවීම් කරන ලද රිසිට් පත් රැකියා ආයතනය විසින් ඔබ හට ලබා දෙන අතර මාර්තු මස අවසානයේදී එම මුදල් ඔබට ලබා ගැනීමේ හැකියාව ඇත.
 
(Subtitles)
 
* වර්ෂාවසාන බදු පියවීමේ කාල රාමුව
 1. බදු ගෙවා ඇති බව තහවුරු කිරීමේ ලිපි ගොනු (ශ්‍රමිකයා): 12.1.15~25
2. බදු ගෙවන ලද බව ප්‍රකාශ කිරීම දැනුම් දීම (රැකියා අයතනයට):12.1.25~2.10
3. වර්ෂාවසාන බදු පියවන ලද රිසිට් පත ආයතන විසින් නිකුත් කිරීම (සේවකයාට): 2012 පෙබරවාරි මස  අවසානයේ
4. වර්ෂාවසාන බදු මුදල් ලබා ගැනීම (සේවකයා): 2012 මාර්තු මස අවසානයේ
 
 
 
චෙක් පත් මගින්ද මෙම මුදල් සේවකයා වෙත ලබා ගත හැක. එසේම ආයතනයෙන් ඉවත් වූ සේවකයන් හට ජාතික බදු සේවා වෙබ් අඩවිය හරහා මෙම මුදල ලබා ගත හැක.
 
(Subtitles) වර්ෂාවසාන බදු පියවම් සරල කිරීම
www.yesone.go.kr
 
එසේම වර්ෂාවසාන බදු පියවීම් සඳහා මඟ හැරී ගිය කොටස් ඇති නම් එය මැයි වලදී ලබා ගත හැක. එය වසර 3ක් ඇතුළත දිස්ත්‍රික් බදු කාර්යාල වලදී ලබා ගත හැකි වනු ඇත.
ඉතා අවධාරණයෙන් දන්වා සිටින්නේ මෙම ක්‍රියාවලිය පිළිබඳව විදෙස් ශ්‍රමිකයන් මනාව දැනුවත්ව සිටිය යුතු අතර තමා විසින් බදු ගෙවිය යුතුව ඇත්තේ කුමන අංශයන්ටද යන්න දැනුවත් වීමද ඉතා වැදගත් වේ. වැඩි විස්තර දැන ගැනීම සඳහා දිස්ත්‍රික් බදු කාර්යාලයීය විමසීම් අංශය 1588-0560 යන දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත හැක.
(Subtitles)
අන්තර්ජාල වෙබ් අඩවිය: www.nts.go.kr/engවිමසීම් අංශයQ&A
විදෙස් ශ්‍රමිකයන් සඳහා දිස්ත්‍රික් බදු කාර්යාලයීය විමසීම් අංශය: 1588-0560
    ප්‍රචාරක පාඨමාලාවක් සඳහා සිසුන් බඳවා ගනී
 ප්‍රචාරක පාඨමාලාවක් සඳහා සිසුන් බඳවා ගනී
 
මාධ්‍ය අධ්‍යාපනය අවම විදේශිකයන් සඳහා වන ප්‍රචාරක පාඨමාලාවක් MNTV විසින් ආරම්භ කර සිසුන් බඳවා ගැනීමේ අපේක්ෂාවෙන් පසු වේ. මේ පාඨශාලාව හරහා ප්‍රචාරක අංශය පිළිබඳ ඉගෙනුම ලබා එය තමා විසින්ම ව්‍යාප්ත කිරීමේ හැකියාව ලබා දේ
 
ඕනෑම විදෙස් ශ්‍රමිකයෙකු, විවාහක සංක්‍රමිකයෙකු හෝ ජාත්‍යන්තර සිසුන් මෙම නොමිලේ පවත්වන පාඨශාලාවටබඳවාගැනේ.
 
ජූනි 23 සිට අගෝස්තු 4 වන දා දක්වා අවස්ථා 7 කදී සෑම ඉරිදා දිනකම පැය 3ක් මෙම පන්ති පැවැත් වේ. මෙම පන්ති ඡායාරූපකරණය, වීඩියෝ සංස්කරණය, ලිපි ලිවීම වැනි අංග වලින් සමන්විත වේ.
 
මෙම පාඨමාලා කොරියානු ජාතික පුස්ථකාලයේ අංකිත පුස්ථකාල පරිශ්‍රදයේ කුඩා සම්මන්ත්‍රණ ශාලාවක පැවැත්වේ. මේ වන විට ප්‍රචාරක ක්ෂේත්‍රයේ දැනට වෘත්තිමය වශයෙන් සේවය කරන්නන් විසින් මෙම දේශන ලබා දේ.  
 
(자막)
සහභාගී විය හැක්කේ කාටද? ඕනෑම විදෙස් ශ්‍රමිකයෙකු, විවාහක සංක්‍රමිකයෙකු හෝ ජාත්‍යන්තර සිසුන්ට
පාඨමාලා කාලය: 2013.06.23(ඉරිදා) to 08.04(ඉරිදා)/ සෑමඉරිදා (7 වාර)
පවතින ස්ථානය: කොරියානු ජාතික පුස්ථකාලයේ අංකිත පුස්ථකාල පරිශ්‍රදයේ කුඩා සම්මන්ත්‍රණ ශාලාව
ගාස්තුව: නොමිලේ
 
ජූනි 4 වන දා සිට 18වන දා දක්වා අයදුම් කළ හැක. MNTV වෙබ් අඩවිය හරහා අයදුම් පත ලබා ගත හැක.(www.mntv.net).
අයදුම් පත බා ගැනීමෙන් අනතුරුව විද්‍යුත්තැපැල් හෝ දුරකථනය හරහා අයදුම් කළ හැක.
 
(자막)
අයදුම් කාලය: 2013.6.4 ~ 6.18
අයදුම් පත හා අයදුම් කිරීම: සංක්‍රමිකමාධ්‍යජාලරූපවාහිනිය MNTV (info@mntv.net / 070-8670-8506)
 
අපගේ බලාපොරොත්තුව නම් ප්‍රචාරක හා මාධ්‍ය ඉගෙන ගැනීමට අපේක්ෂාවෙන් පසු වන බොහොමයක් විදේශිකයන් මෙයට සහභාගී වනු ඇතැයි යන්නයි.
 
 
1.   ඝර්භනී මාතාවන් සඳහා වෛද්‍ය වියදම් සඳහා ආධාර
 
ඝර්භනී මාතාවන් හටවිශාල වියදමක් දැරීමේ පීඩනය අවම කිරීමට, ජාතික සෞඛ්‍ය රක්ෂණ සේවාව මගින් “උපත් හා ඝර්භනී මාතාවන්ගේ වෛද්‍ය වියදම් සහාය” නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
 
නිවුන් දරු උපත් සඳහා වොන් 700000ක්ද සාමාන්‍ය දරු උපත් සඳහා වොන් 500000 ක්ද මේ ආධාර යටතේ ලැබේ. දිනකට සීමිත මුදලක් ලෙස වොන් 60000 ක් ලෙස නම් කර ඇති අතර ‍මෙම මුදල් සීමාව වෙනස් වීමටද ඉඩ ඇත.
 
INT) Gwon Young-mun/ National Health Insurance Service
ගොවුන් මාම් කාඩ් එකෙන් ඒ කියන්නේ ගැබිණි අම්මාවරුන්ගේ කාඩ් එකෙන් විදේශිකයන්ටත් වාසි ලබන්න පුළුවන්.නමුත් මේක ලබන්න පුළුවන් කම ලැබෙන්නේ ගැබිනි බව තහවුරු කරන ලියකියවිලි ඉදිරිපත් කලොත් විතරයි. ඒ වගේම ඔවුන් සෞඛ්‍ය රක්ෂණය යටතේ ලියාපදිංචි වී තිබීමත් පවුලේ යැපෙන්නන් වීමත් සුදුසුකම් ලෙස සැලකෙනවා.
 
 මෙම ආධාර ලැබීමට නම් ගැබිනි මාතෘ කාඩ් පත ලබා ගත යුතුයි. ඔබේ ගැබිනි භාවය තහවුරු කිරීමේ ලියකියවිලි රෝහලකින් ලබා ගැනීමෙන් පසු ගැබිණි හා ප්‍රසූති වියදම් ආධාර ලබා ලැනීම සඳහා අදාළ අයදුම්පතත් සමඟ ජාතික සෞඛ්‍ය රක්ෂණ සේවාවේ ප්‍රාදේශීය කාර්යාල වලට හෝ ජාතික විශ්‍රාමික කාර්යාල වලට හෝ සින්හාන් බැංකු කාර්යාල වලට ගෙන ගොස් භාර දිය යුතුයි.
 
(자막)
ගොවුන් මාම් කාඩ් (මාතෘ කාඩ් පත) පතට අයදුම් කරන ආකාරය
ගැබිනි භාවය තහවුරු කිරීමේ ලියකියවිලි රෝහලකින් ලබා ගැනීම->ජාතික සෞඛ්‍ය රක්ෂණ සේවාවේ ප්‍රාදේශීය කාර්යාල වලට හෝ ජාතික විශ්‍රාමික කාර්යාල වලට හෝ සින්හාන් බැංකු කාර්යාල වලට ගෙන ගොස් භාර දීම
 
ඝර්භණී මාතාවක්වෙනුවෙන් පවුලේ වෙනත් අයෙකු අයදුම් කරන්නේ නම් එහිදී ඔවුන්ගේ පවුලේ සම්භන්ධතාවය තහවුරු කෙරෙන ලියකියවිලි ඉිරිපත් කළ යුතු වේ.
 
මාතෘ කාඩ් පත නිකුත් කිරීමේ දින සිට දින 60ක් දක්වා වලංගු වේ. ආධාර මුදල වියදම් නොකර තිබෙන්නේ නම් එම දිනට අදාළ මුදල් අවලංගු වනු ඇත.
 
මාතෘ කාඩ් පත තම ප්‍රසව/ නාරි හා පෙරදිග ප්‍රතිකාර චිකිත්සා ආයතනයන්හිදීද භාවිතා කළ හැක. මෙම ආධාර ලබා ගත හැක්කේ මාතෘ කාඩ් පත පමණක් පවතින අවස්තාවන්හිදී හෙයින් රෝහලට පැමිණෙන විට එය රැගෙන ඒමට අමතක නොකිරිමට වග බලා ගන්න.
    විදෙස් ශ්‍රමිකයන් නැවත රැකියාවට පැමිණීම
විදෙස් ශ්‍රමිකයන් නැවත රැකියාවට පැමිණීම
 
රැකියා අවසර ක්‍රියාවලිය හරහා මෙරටට පැමිණ අඛණ්ඩව වසර 6ක් හෝ වසර 4කුත් මාස 10ක් සේවය කළ විදෙස් ශ්‍රමිකයන්ට නැවත රැකියාවට පැමිණිමේ අවස්ථාව ලැබිණි. ඔවුන් වීසා කාලය අවසන් වීමට පෙර තම රට කරා පිටත්ව ගොස් තිබීම නැවත රැකියාවට පැමිණීමේදී සුදුසුකමක් ලෙස සළකා බැලිණි.
.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට යහපත් විදෙස් ශ්‍රමිකයන් නැවත රැකියාවට බඳවා ගැනීමේ රැකියා අවසර ක්‍රියාවලිය යටතේ , මාස 3ක් තම රටේ රැඳී සිට නැවත කොරියාවට රැකියාව කිරීමට පැමිණි විදෙස් ශ්‍රමිකයන්ගේ ගණන 1000ක් වේ.
නිශ්පාදන , කෘෂි, හා පශු සම්පත් යන අංශ වලට මෙසේ විදෙස් ශ්‍රමිකයන් නැවත රැකියාවට බැඳුනු අතර කොරියාවෙන් පිටත් වීමට ප්‍රථම ඔවුහු රැකියා ස්ථාන වෙනස් නොකළ අය වූහ. එසේම රැකියා ස්ථාන හිමියන් විසින්ද ඔවුන් වෙනුවෙන් ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුව තිබිණි.
 
. මේ සඳහා විදෙස් ශ්‍රමිකයන් විසින් විශේෂ කොරියානු නිපුණතා විභාග සඳහා පෙනී සිටීම අවශ්‍ය නොවිනි. නැවත රැකියාවට බඳවා ගැනීමට සුදුසුකම් ලැබීමෙන් පසුව තවත් වසර 4කුත් මාස 10ක් සඳහා රැකියාව කිරීමට අවසර ලැබේ. නමුත් නැවත රැකියා ස්ථානය මාරු කිරීමේ හැකියාවක් නොලැබේ.
 
ඒ අතරම වීසා කාලය තුළ රැකියා ස්ථාන මාරු කළ අය හට නැවත මෙම ක්‍රියාවලිය යටතේ කොරියාවට පැමිණිය නොහැක. නමුත් ඔවුන් හට විශේෂ කොරියානු භාෂා නිපුණතා විභාගය සමත් වී පිටත්ව මාස 6ක් සපිරීමෙන් පසු නැවත පැමිණිය හැක.
 
මෙම ක්‍රියාවලිය හරහා කොරියාවට පැමිණ සේවය කිරීමට කැමති ශ්‍රමිකයන් හට අවස්ථාවක් ලැබෙනවා මෙන්ම පුහුණු ශ්‍රමිකයන් නිරතුරු තම සේවයේ තබා ගැනීමට කැමති ආයතන සඳහාද වටිනා අවස්ථාවක් සැපයෙන බව පැහැදිලිය. රැකියා ස්ථාන මාරු කිරීමට නොහැකි වීම වැනි විවිධ අපහසුතාද තව දුරටත් මේ තුළ නැත්තේම නොවේ. අපගේ අපේක්ෂාව නම් දෙපාර්ශ්වයටම සහන සැළසෙන පරිදි මෙම ක්‍රියාවලිය තව දුරටත් වැඩි දියුණු වේවා යන්නයි.
    විදෙස් ශ්‍රමිකයන් උදෙසා රක්ෂණ සේවා වැඩි දියුණු කෙරේ.
1. විදෙස් ශ්‍රමිකයන් උදෙසා රක්ෂණ සේවා වැඩි දියුණු කෙරේ.
 
රැකියා අවසර ක්‍රියාවලිය හරහා මෙරටට පැමිණි විදෙස් ශ්‍රමිකයන් ආවරණය වනුයේ ඔවුන් සඳහාම වෙන් වූ රක්ෂණ වලින් පමණි. මේ වසරේ ජූනි මාසයේ සිට ඔවුන් සඳහා වන රක්ෂණ සේවා ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වනු ඇත.
 
සියල්ලටම ප්‍රථමයෙන් රක්ෂණ ගෙවීමේ කවුන්ටර 16ක් දක්වා සේවා කවුන්ටර ව්‍යාප්ත කරනු ඇත.
මේ දක්වා රක්ෂණ සඳහා විමසීම් කිරීමට හැකි වූයේ යොන්සාන් හි පවතින සැම්සුන් ගිනි හා සමුද්‍ර රක්ෂණ සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය හරහායි. කෙසේ වුවත් මේ වසරේ ජූනි මාසයේ සිට ඉන්චොන්, සූවොන් වැනි විදෙස් ශ්‍රමිකයන් බහුලව සිටින නගර 16ක් තුළ මෙම සේවාව ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කෙරේ.
 
සැම්සුන් ගිනි හා සමුද්‍ර රක්ෂණ සමාගම, හ්‍යොන්දේ ගිනි හා සමුද්‍ර රක්ෂණ සමාගම, LIG අනතුරු රක්ෂණය, දොංබුගිනි හා සමුද්‍ර රක්ෂණ සමාගම, හන්ව්හා අනතුරු රක්ෂණය
 
එසේම ජූලි මස සිට රක්ෂණය නොගෙවන ලද සියළුම විදෙස් ශ්‍රමිකයන් හට එම මුදළ ඉන්චොන් ගුවන් තොටුපළේදී ලබා ගත හැකි ආකාරයට කවුන්ටරයක් විවෘත කෙරේ. මැයි මස සිට නැවත පිටත්ව යාමේ තහවුරු රක්ෂණ ක්‍රමයත් , අනතුරු වන්දි රක්ෂණය 18%කිනුත් , පිටත්ව යාමේ වියදම් ආවරණ රක්ෂණ මුදලත් ඉහළ නැංවේ.  
 
නැවත පිටත්ව යාමේ තහවුරු රක්ෂණ ක්‍රමයහා පිටත්ව යාමේ වියදම් ආවරණ රක්ෂණය: 100.5%~103%--> 101.5%~106%
අනතුරු වන්දි රක්ෂණය:අවමය  5.6 සිට 21.9% දක්වා. 18% කින් වැඩි වේ
 
 
මේ අතරම කොරියානු මානව සම්පත් සංවර්ධන සේවාව මගින් රක්ෂණ ගෙවීම් සෙවීම නමින් වැඩමුළුවක් ආරම්භ කර ඇත. ඒ හරහා විදෙස් ශ්‍රමිකයන් විසින් දැනට ලබා ගෙන නොමැති රක්ෂණ මුදල් විදෙස් ශ්‍රමිකයන්ගේ නිෂ්චල අරමුදල් මෙහෙයවීමේ කමිටුව හරහා නැවත විදෙස් ශ්‍රමිකයන් වෙත යැවීමයි. එසේම නැවත එසේ ලබා දිය නොහැකි හෝ අයිතිකරු විසින් ලබා ගැනීමට නුසුදුසු වන අවස්ථා වලදී එම මුදල් විදෙස් ශ්‍රමික සුභ සාධන කටයුතු සඳහා බැර කෙරේ.
 
විදෙස් ශ්‍රමිකයා හෝ ආයතන හිමිකරු විසින් රක්ෂණ වන්දි මුදල් ලබා ගෙන නොමැති නම් එයසැම්සුන් ගිනි හා සමුද්‍ර රක්ෂණ සමාගම වෙත අයදුම් කර ලබා ගත හැකි වේ . මේ වන විටත් තම රටවල් කරා පිටත්ව ගොස් ඇති විදෙස් ශ්‍රමිකයන් හට තම රටවල් වල ඇති රැකියා අවසර ක්‍රියාවලි මධ්‍යස්ථාන හෝ මානව සම්පත් සංවර්ධන සේවා ආයතන ශාඛා හෝ කොරියානු තානාපති කාර්යාල හරහා මෙම මුදල් ලබා ගත හැක.
සැම්සුන් ගිනි හා සමුද්‍ර රක්ෂණ සමාගම☎ 02-2119-2400
 
රක්ෂණ මුදල යනු විදෙස් ශ්‍රමිකයා කොරියාව තුළ රැකියාව කරන කාලය තුළ මහන්සියෙන් උපයා ගන්නා ලද මුදලකි. ඒ නිසාවෙන්ම අපගේ බලාපොරොත්තුව නම් එම මුදල් ලබා නොගත් විදෙස් ශ්‍රමිකයන් අදාළ රක්ෂණ ආයතන වෙත දැනුම් දී එම මුදල් ලබා ගනීවිය යන්නයි.
Jump to:  
 


KMcenter 137-1 Garibong 1 Dong, Guro-Gu, Seoul.
Copyright by 2004 MigrantWorkers Center in Korea. All right, reserved. Representative : Son Jong Ha
Supported by ONTOIN