විදෙස් ශ්‍රමිකයන් සඳහා වර්ෂාවසාන බදු පියවීම්
වර්ෂය අවසන් වීමත් සමඟම වසරේ බදු පියවීම් අරඹා ඇත. සාමාන්‍ය පුරවැසියන් හට මෙන්ම මෙය විදෙස් ශ්‍රමිකයන් සඳහාද බල පැවැත්වෙන අතර එය කෙසේ සිදු කරන්නේද යන්න විමසා බලමු.
ඔබ විසින් අවසන් වර්ෂයේ ජනවාරි මස සිට දෙසැම්බර් මස දක්වා ගෙවා ඇති මුළු බදු ප්‍රමාණය වර්ෂාවසානයේදී ගණනය කෙරෙනු ලබන අතර වැඩිපුර ගෙවා ඇත් නම් අයදුම් කිරීමෙන් පසුව ලබා ගත හැකි වන අතරම එය බදු ණයක් ලෙස ඔබේ ආදායමෙන් අඩු කර ඇත.
සාමාන්‍යයෙන් විදෙස් ශ්‍රමිකයන් හට ආදායමට අනුව ගෙවන බදු මුදල නියමිත ලෙස ගණනය නොකෙරෙන නිසා වැඩි මුදල් ප්‍රමාණයක් ඔවුනගේ වැටුපෙන් බදු සඳහා වෙන් කෙරේ.
ඔබ විසින් බදු ගෙවිය යුතු අංශයන් අඩු වන නිසාම ඔබ හට ලබා ගත හැකි වන මුදල් ප්‍රමාණයද වැඩිය.
මෙම හිඟ මුදල ලබා ගැනීම සඳහා ජනවාරි මස 15 වැනි දා සිට ජනවාරි 25 වැනි දා දක්වා කාලය ඇතුළත හෝ ජනවාරි 25 සිට පෙබරවාරි 10 වන දින ඇතුළත, ගිය වසරේ ඔබ විසින් ගෙවන ලද බදු මුදල් සහිත ලියකියවිලි රැකියා ආයතනයන් වෙත ලබා දීම සිදු කළ යුතුයි. පෙබරවාරි මස අවසානය වන විට වර්ෂාවසාන බදු පියවීම් කරන ලද රිසිට් පත් රැකියා ආයතනය විසින් ඔබ හට ලබා දෙන අතර මාර්තු මස අවසානයේදී එම මුදල් ඔබට ලබා ගැනීමේ හැකියාව ඇත.
(Subtitles)
* වර්ෂාවසාන බදු පියවීමේ කාල රාමුව
1. බදු ගෙවා ඇති බව තහවුරු කිරීමේ ලිපි ගොනු (ශ්‍රමිකයා): 12.1.15~25
2. බදු ගෙවන ලද බව ප්‍රකාශ කිරීම දැනුම් දීම (රැකියා අයතනයට):12.1.25~2.10
3. වර්ෂාවසාන බදු පියවන ලද රිසිට් පත ආයතන විසින් නිකුත් කිරීම (සේවකයාට): 2012 පෙබරවාරි මස අවසානයේ
4. වර්ෂාවසාන බදු මුදල් ලබා ගැනීම (සේවකයා): 2012 මාර්තු මස අවසානයේ
චෙක් පත් මගින්ද මෙම මුදල් සේවකයා වෙත ලබා ගත හැක. එසේම ආයතනයෙන් ඉවත් වූ සේවකයන් හට ජාතික බදු සේවා වෙබ් අඩවිය හරහා මෙම මුදල ලබා ගත හැක.
(Subtitles) වර්ෂාවසාන බදු පියවම් සරල කිරීම
www.yesone.go.kr
එසේම වර්ෂාවසාන බදු පියවීම් සඳහා මඟ හැරී ගිය කොටස් ඇති නම් එය මැයි වලදී ලබා ගත හැක. එය වසර 3ක් ඇතුළත දිස්ත්‍රික් බදු කාර්යාල වලදී ලබා ගත හැකි වනු ඇත.
ඉතා අවධාරණයෙන් දන්වා සිටින්නේ මෙම ක්‍රියාවලිය පිළිබඳව විදෙස් ශ්‍රමිකයන් මනාව දැනුවත්ව සිටිය යුතු අතර තමා විසින් බදු ගෙවිය යුතුව ඇත්තේ කුමන අංශයන්ටද යන්න දැනුවත් වීමද ඉතා වැදගත් වේ. වැඩි විස්තර දැන ගැනීම සඳහා දිස්ත්‍රික් බදු කාර්යාලයීය විමසීම් අංශය 1588-0560 යන දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත හැක.
(Subtitles)
▪අන්තර්ජාල වෙබ් අඩවිය: www.nts.go.kr/eng》විමසීම් අංශය》Q&A
▪විදෙස් ශ්‍රමිකයන් සඳහා දිස්ත්‍රික් බදු කාර්යාලයීය විමසීම් අංශය: ☎ 1588-0560